වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය
Monday, 09 May 2022 - 13:46 | Views - 826
කොළඹ උතුර, කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම යන  ප්‍රදේශවලට ලපොලිස් ඇඳිරිනීතිය පනවා තිබෙනවා.

ඒ මේ මොහොතේ සිට (09) ක්‍රියාත්මක වන පරිදියි.

අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අරලියගහ මන්දිරයේ දී සිය පාක්ෂිකයින් අමතනු ලැබුවා.

මෙම හමුවේදී අරලියගහ මන්දිරයේ දෙපස රැස්ව සිටි පොහොට්ටු පාක්ෂිකයින් විසින් අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්නොවන බවට ආයාචනා කරමින් විරෝධතා පැවැත්වූවා.

ඉන් අනතුරුව සභාව ඇමතූ අග්‍රමාත්‍යවරයා නිවේදනය කළේ තමන්ට පළමුව, දෙවනුව සහ තෙවැනුව වැදගත් වන්නේ තම මව්බිම බවත්, තම්න් ධුරයෙන් ඉවත් නොවන බවයි.

පසුව රැස්වීම අවසන් වීමෙන් අනතුරුව පොහොට්ටු පාක්ෂිකයින් විසින් අරලියගහ මන්දිරය ඉදිරිපිට දින ගණනක සිට සාමකාමී අරගලවල නිරත වූ මයිනාගෝගම ගිනිබත් කරනු ලැබුවා.

ඒ එහි තිබූ අට්ටාල ද සුනුවිසුණු කරමින්.

එමෙන්ම ගෝල්ෆේස් අරගලය ලෙස ඇරඹි නිර්පාක්ෂික අරගලය පැවැත්වෙන ගෝඨාගෝගමට පොහොට්ටු සාමාජිකයින් පැමිණ එහි සාමකාමී අරගලවල නිරත වූ අරගලකරුවන්ට අමානුෂික අයුරින් පහර දුන්නා.

අරගලකරුවන්ගේ අට්ටාල ද විනාශකර දැමීමට පියවර ගත් අයුරු ද දක්නට ලැබුණා.

එහිදී ඇති වූ උණුසුම්කාරී තත්ත්වය පාලනය කිරීමට පොලිස් කැරලි මර්දන ඒකකය විසින් පොහොට්ටු පාක්ෂිකයින්ට ජල ප්‍රහාර හා කඳුලු ගෑස් එල්ල කළා.

මේ අතර, මෙම උණුසුම්කාරි අරගලය මැදට හදිසියේ ම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැමිණියා.

එමෙන්ම ඉන් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද විරෝධතාකරුවන් හමුවට පැමිණියේ, එරාන් වික්‍රමරත්න ඇතුළු තම පාක්ෂිකයින් සමගයි.

එහෙත් වැඩිදුරක් යාමට පෙර විපක්ෂ නායකවරයාට අරගල භූමියේ දී විරෝධයක් එල්ල වුණා. 

No photo description available.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top