අගමැතිවරයාට සහාය දැක්වීමට ආ පිරිස් මයිනා ගෝ ගමට සහ ගෝඨා ගෝ ගමට පහරදෙයි (Video)
Monday, 09 May 2022 - 13:10 | Views - 309

අද (09) උදෑසන කොළඹ අරලියගහ මන්දිරයට පැමිණි මහින්ද හිතවාදීන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශයෙන් අනතුරුව අරලියගහ මන්දිරයෙන් නික්මී ඒ ඉදිරිපිට විරෝධතාවයේ යෙදුණු මයිනා ගෝ ගමට ප්‍රහාරයක් එල්ල කළා,
ඉන් අනතුරුව මෙම ප්‍රකෝපකාරී පිරිස් කොළඹ ගාලු මුවදොර අරගල භූමියට කඩා වැදුණු අතර අරගල භූමියේ ස්ථාපිත කර තිබූ සියලු තාවකාලික ගොඩනැගිලි කඩා බිඳ දමමින් විරෝධතාවයේ නිරත පිරිසට ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තා.
මේ සමගම ගාලු මුවදොර අවට ප්‍රදේශය එකම යුද පිටියක සිරි ඉසිලූ අතර තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ කළ ද එය පාලනය කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.
අරලියගහ මන්දිරයට පැමිණි පිරිස රිසි සේ පැමිණ අරගල භූමියේ පිහිටා පිහිටා තිබූ සෑම තාවකාලික ගොඩනැගිල්ලක් ම කඩා බිඳ දමමින් ගිනි තබමින් ඉතාමත් ප්‍රකෝපකාරී ලෙස හැසිරෙන ආකාරය දක්නට ලැබුණා.
මේ අතර අරගල භූමියේ මතු වී ඇති ප්‍රකෝපකාරී තත්ත්වයත් සමගින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ද එම ප්‍රදේශයට පැමිණි අතර ඔහු අරගල භූමිය තත්ත්වය සමනය කර ගැනීමට අදාළ පොලිස් නිලධාරින් සමග කටයුතු කරන ආකාරය දක්නට ලැබුණා.
ඉන් ටික වේලාවකට පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද එම ප්‍රදේශයට පැමිණි අතර ඔහු පැමිණි වහාම ඔහුට සහ ඔහුගේ රථයට බරපතළ ප්‍රහාරයක් එල්ල කෙරුණා.
මෙහිදී ආරක්ෂක නිලධාරීන් වහාම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රථයට නංවාගෙන ප්‍රදේශයෙන් ඉවතට යාමට කටයුතු කළා.
මෙම අවස්ථාවේදී එතැන බරපතළ තත්ත්වයක් උද්ගත වූ අතර විපක්ෂ නායකවරයාගේ රථයට පුද්ගලයෙකු ගැටෙන ආකාරයත් දක්නට ලැබුණා.
මේ අතර ගෝල්ෆේස් අරගල බිමේ දී විවිධ පාර්ශ්වයන් අතර ඇති වූ ගැටුමේ දී තුවාල ලබා 16 දෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
Share This Article