අගමැතිවරයාගේ විශේෂ කතාව
Monday, 09 May 2022 - 12:09 | Views - 1,054
තමන් කෙරෙහි විශ්වාසය තබමින් මේ රටේ 69 ලක්ෂයක් ජනතාව ලබාදුන් ජනවරමට පිටුපා යෑමට හෝ එයට පයින් ගැසීමට කිසිදු අරමුණක් තමන් තුළ නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද අරලියගහ මන්දිරයට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අතිවිශාල පාක්ෂිකයින් පිරිසක් ආමන්ත්‍රණය කරමින්.

අද උදෑසන අග්‍රාමාත්‍යවරයාට සහය දැක්වීම සඳහා දිවයිනේ නන් දෙසින් පොදුජන පෙරමුණු පාක්ෂිකයන් රැසක් අරලියගහ මන්දිරයට එක්රොක් වුණා.

ඔවුන් හමුවේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ තමන් පළමුවත්, දෙවැනුවත්, තෙවැනුවත් මව්බිම පෙරටු කොට ගෙන සිදුකරගෙන යනු ලබන මෙම දේශපාලන ව්‍යාපාරයෙන් ඉවත් වීමට කිසිදු අදහසක් නොමැති බවයි.

අභියෝග ජයගෙන ජනතා සිතුම් පැතුම් ඉටු කිරීමට සිය උපරිම ශක්තියෙන් ඉදිරියටත් ක්‍රියා කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැමිණ සිටි පිරිස් අමතමින් සඳහන් කළා.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top