ඇමති ප්‍රසන්න ගැන - FUTA කනස්සල්ල
Monday, 09 May 2022 - 11:31 | Views - 477
මහජන ආරක්ෂක අමාත්‍ය සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ ශිෂ්‍ය ප්‍රජාව ගැන ඉකුත් දා පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශය සම්බන්ධ‍යෙන් තම සම්මේලනයේ දැඩි කනස්සල්ල මෙන්ම විරෝධය පළ කරන බව විශ්වවිද්‍යාල සමිති සම්මේලනය පවසනවා.

රටේ වත්මන් පාලන ක්‍රමයට එරෙහිව විරෝධතා දක්වන සිවිල් වැසියන්ට මෙන් ම ශිෂ්‍ය ප්‍රජාව මර්දනයට අනවශ්‍ය බලය යොදා සිදු කරන බිය ගැන්වීම් ද අපහාසාත්මක බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙවන් තත්ත්වයක් මත විශ්වවිද්‍යාල සමිති සම්මේලනය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග වෙත ලිපියක් යොමු කරමින් පවසන්නේ, අදාළ සිදුවීම් සම්බන්ධයෙන් අවධානය යොමුකර ක්‍රියාමාර්ගයක් ගැනීමට එක් විය යුතු බවයි.

නැතහොත් මෙවැනි අපහාසාත්මක ප්‍රකාශ ඉදිරියේ දී ද සිදු විය හැකි බව ද විශ්වවිද්‍යාල සමිති සම්මේලනය ප්‍රකාශ කරනවා.

විරෝධතාවයේ යෙදෙන සිසුන් සහ අනෙකුත් අය වෙනුවෙන් කිසිදු රාජ්‍ය හමුදාවක් ගැටුම්කාරී ආකාරයෙන් යොදවා නොගන්නා බවට සහතික වන ලෙසට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාට යොමු කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මෙම කාලය තුළ සිසුන්ගේ සහ පොදුවේ විශ්වවිද්‍යාල ප්‍රජාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ඔබේ වගකීම ඉටු කිරීමට උපරිමයෙන් කටයුතු කරනු ඇති බව ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නිකුත් කළ නිවේදනයේ අවසන් වශයෙන් දැක්වෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top