අගමැතිවරයාගේ හදිසි ප්‍රකාශය ගැන ඉඟියක් ? (Video)
Monday, 09 May 2022 - 10:52 | Views - 1,592
කොළඹ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවත්වන විශේෂ මාධ්‍ය සාකච්ඡාව අද (09) පැවැත්වීමට නියමිතයි.

මේ වනවිට ඊට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන නිලධාරින් මෙන් ම විවිධ පාර්ශ්ව එක්වෙනු ඇති.

කෙසේවෙතත්, අග්‍රාමාත්‍යවරයා හට සිය ධුරයෙන් ඉල්ලා අස් නොවන ලෙසට ආයාචනා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටු පාක්ෂිකයින් සටන් පාඨ කියමින්, කොළඹ සිට පාගමනින් අද අරලියගහ මන්දිරය ඉදිරිපිටට පැමිණ සිටින බවයි අප වාර්තාකරු පැවසුවේ.

මේ අතර, අද දිනයේ විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වන බවට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසනවා.

අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

කෙසේවෙතත් අග්‍රාමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කුමන තීන්දුවක් ගන්නේ ද යන වග තවමත් නිශ්චිත වශයෙන් කිව නොහැකියි. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top