ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අසනි සුළි කුණාටුව, චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
අද උදෑසන එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එය ඊයේ රාත්‍රී 11.30 වනවිට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර 840 ක් පමණ ඊසාන දෙසින් කේන්ද්‍රගතව පැවති බවයි.
අසනි චන්ඩ සුළි කුණාටුව මැයි 10 වනදා දක්වා වයඹ දෙසට ගමන් කර, බටහිර මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශය වෙත පැමිණීමටත් ඉන් පසුව උතුරට බරව ඊසාන දෙසින් වයඹ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයට ගමන් කිරීමට නියමිතයි.
මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි ධීවර හා නාවික ප්‍රජාවට එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
මේ අතර අද දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, සහ වයඹ පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 50 ඉක්මවූ තරමක තද වැසිද අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.