අසනි සුළි කුණාටුව - චණ්ඩ සුළි කුණාටුවක් වෙයි
Monday, 09 May 2022 - 9:11 | Views - 798
ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අසනි සුළි කුණාටුව, චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

අද උදෑසන එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එය ඊයේ රාත්‍රී 11.30 වනවිට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර 840 ක් පමණ ඊසාන දෙසින් කේන්ද්‍රගතව පැවති බවයි.

අසනි චන්ඩ සුළි කුණාටුව මැයි 10 වනදා දක්වා වයඹ දෙසට ගමන් කර, බටහිර මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශය වෙත පැමිණීමටත් ඉන් පසුව උතුරට බරව ඊසාන දෙසින් වයඹ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයට ගමන් කිරීමට නියමිතයි.

මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි ධීවර හා නාවික ප්‍රජාවට එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මේ අතර අද දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, සහ වයඹ පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 50 ඉක්මවූ තරමක තද වැසිද අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top