අද අඳුරට යන්නේ මෙහෙමයි
Monday, 09 May 2022 - 7:18 | Views - 1,595
අද දිනයේදීත් පැය 03 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දී තිබෙනවා.ඒ අනුව A සිට W දක්වා කලාප 20 කට පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක් බැගින්ද පස්වරු 05 සිට රාත්රී 09 දක්වා පැය 01 යි විනාඩි 20 ක් බැගින්ද විදුලිය කපා හැරීමට නියමිතයි.M , N, O, X , Y සහ Z යන කලාපවලට අලුයම 05 සිට පෙරවරු 08 දක්වා පැය 03 ක්ද – කොළඹ නාගරික කලාපයට පෙරවරු 06 සිට පෙරවරු 09 දක්වා පැය 03 ක්ද විදුලිය කපා හරින බවයි වැඩිදුරටත් නිවේදනයේ දක්වා තිබෙන්නේ.

Share This Article