ඊයේ බොරැල්ලේ දී බීප් බීප් හඬ දමමින් පොලිසිය සමග හරි හරියට ඔට්ටු වූ තරුණිය අත්අඩංගුවට(Video)
Sunday, 08 May 2022 - 15:01 | Views - 1,903

බොරැල්ල මංසන්ධියේදී පොලිස් නිලධාරියෙකුට බැන වදිමින් කලහකාරීව හැසිරුණු තරුණිය පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරිය ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරුව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය කියාසිටියේ.
මෙම සිද්ධියට අදාළව සැකකාර තරුණියගේ යෙහෙළියක් ද ඇතුලු හතර දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වී ඇති අතර ඔවුන් සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ද සොයාගෙන ඇතැයි සඳහන්.
බොරැල්ල පොලිසිය සිදු කළ මූලික ප්‍රශ්ණ කිරීම්වලින් අනතුරුව ඔවුන් අධිකරණ වෛද්‍යවරයෙකු වෙත යොමුකර තිබුණා.
එහිදී පොලිස් නිලධාරියාට බැන තර්ජනය කළ සැකකාරිය පරීක්ෂණ කිහිපයක් සඳහා රෝහල් ගතකර ඇති අතර අනෙක් සැකකරුවන් යළි පොලිසියට රැගෙන විත් තිබෙනවා.
පොලිස් නිලධාරියෙකු බොරැල්ල ප්‍රදේශයේ සිදු කළ රථවාහන සෝදිසි කිරීමක් අතරතුර සැකකාර තරුණිය විසින් සිය විරෝධය දක්වනු ලැබුවා.
බොරැල්ල මංසන්ධියේ දී මෙම තරුණිය පොලිස් නිලධාරියෙකුට බැන වදිමින් හැසිරෙන ආකාරය ඒ අසල සිටි පුද්ගලයෙකු ජංගම දුරකතනයකින් වීඩියෝ ගත කර තිබුණා.
මෙය සිදුවී ඇත්තේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් නතර කර එහි පැදිකරුගේ රියදුරු බලපත්‍රය ලබාගැනීමත් සමග බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
පොලිස් නිලධාරියාට බැන වදිමින් තර්ජනය කළ තරුණිය සහ එහි පැමිණි තරුණයා රියදුරු බලපත්‍රය යළිත් ලබාගෙන පිටත්ව ගොස් තිබෙනවා.
සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ඔවුන් සියලුදෙනා අද අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article