මෙරට අන්තර්ජාල පරිහරණය පසුගිය 2021 වසරේදි කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන තිබෙනවා.
විශේෂයෙන් කොරෝනා වසංගතය හමුවේ රැකියා නියුක්තිකයන් නිවෙස්වල සිට සේවය කිරීම සහ පාසල් ළමයින් අධ්‍යාපන කටයුතු දුරස්ථව සිදුකිරීම ඊට හේතුවයි.
ඒ අනුව පසුගිය වසරේදී මෙරට සමස්ත අන්තර්ජාල සබඳතා සංඛ්‍යාව සියයට 26.9 කින් ඉහළ ගොස් ඇත්තේ ජංගම සහ ස්ථාවර යන දුරකථන සබඳතා දෙකෙහිම වර්ධනයක් සමඟින්.
එමෙන්ම මෙරට අන්තර්ජාල ඝනත්වය එනම්, පුද්ගලයන් 100 දෙනෙකුගෙන් අන්තර්ජාල සබඳතා සහිත සංඛ්‍යාව 2020 වසරේදී පැවති සියයට 79.9 ක සිට 2021 වසරේදී සියයට සියයයි දශම හතර දක්වා ඉහළ යාම විශේෂත්වයක්.