
අදත් (08) ගෑස් හිඟවීම හේතුවෙන් දිවයිනේ විවිධ ප්රදේශවල විරෝධතා ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව මේ වනවිට ගෑස් ඉල්ලා සිදු කරන විරෝධයක් හේතුවෙන් 138 මාර්ගයේ හයිලෙවල් - නාවින්න ප්රදේශයෙන් මාර්ග අවහිරයක් ඇති ව තිබෙනවා.
ගෑස් ඉල්ලමින් ජනතාව නාවින්න මග හරස් කරමිනුයි මෙම විරෝධතාවට එක්වන්නේ.
මේ අතර ගෑස් නොමැති වීමෙන් හැටන් නගරයේ ආපණ ශාලා රැසක් වසා දමා තිබෙනවා.
ඇතැම් ආපණ ශාලා දර භාවිත කරමින් ආහාර පිළියෙල කරන බවයි අප ප්රාදේශීය වාර්තාකරු පැවසුවේ.
හැටන් නගරයේ පිහිටි ලිට්රෝ ගෑස් අලෙවි නියෝජිත වෙළෙඳසැල් සති 03ක සිට වසා දමා තිබෙනවා. 







49 Views
213 Views
114 Views
100 Views
82 Views
95 Views
96 Views
66 Views
144 Views
82 Views
104 Views
171 Views
201 Views
667 Views