සුළි කුණාටුවක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම් දීමක්
Sunday, 08 May 2022 - 9:45 | Views - 1,436
ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය මේ වනවිට ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී ඇති අතර, ඉදිරි පැය කිහිපය තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම එය, අද (08) පස්වරුවේ නැගෙනහිර - මධ්‍යම බෙංගාල බොක්ක හරහා චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වීමට ඉඩ ඇති බවයි එමඟින් දැනුම් දෙන්නේ.

ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙනතුරු බහුදින ධීවර යාත්‍රා ගමන් නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

එම ප්‍රදේශ ආශ්‍රිතව සුළඟේ වේගය පැයට කිලෝමීටර 90 දක්වා ඉහළ යා හැකි බැවින් මුහුද ඉතා රළු විය හැකියි.

මේ වනවිට එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින බහුදින ධීවර යාත්‍රා වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසටයි කාලගුණ නිවේදනයේ සඳහන්කර ඇත්තේ.

මේ අතර දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ තැනින් තැන වැසි ඇතිවිය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top