සඳුදා තෙල් නැවක් - ගෑස් නැවකුත් ලබන සතියේ
Saturday, 07 May 2022 - 13:37 | Views - 8,293

ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් රැගත් නෞකාවක් ලබන සතියේ දිවයිනට ලඟා වන බව ලිට්රෝ සමාගමේ සභාපති විජිත හේරත් ප්‍රකාශ කළා.
හිරු ප්‍රවෘත්ති අංශ කළ විමසීමකදී ඔහු කියා සිටියේ එම නෞකාවට ගෙවිය යුතු මුදල් මේ වනවිටත් සමාගම සතුව පවතින බවයි.
එමෙන්ම, මේ දිනවල දෛනිකව ගෑස් සිලින්ඩර් 4000 ක් පමණක් නිකුත් කිරීමට ලිට්රෝ සමාගම තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, ලබන සතියේ ගෑස් නෞකාව පැමිණීමත් සමග එම තත්ත්වය මග හැරෙනු ඇති බවයි එම සමාගමේ සභාපති විජිත හේරත් සඳහන් කළේ.
මේ අතර, ගෑස් ලබාදෙන ලෙස ඉල්ලා සිදුකළ විරෝධතාවක් නිසා කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගය අද (06) පෙරවරුවේ මහබාගේ මංසන්ධියෙන් අවහිර වී තිබුණා.
කෙසේ වෙතත්, පොලීසිය පැමිණ විරෝධතාකරුවන් ඉවත් කිරීමත් සමඟ පොලීසිය සහ ඔවුන් අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
එමෙන්ම, ගෑස් ඉල්ලා සිදු කරන විරෝධතාවක් හේතුවෙන් මේ වනවිට මාර්ග අංක 174 කොට්ටාව - බොරැල්ල මාර්ගය පැලවත්ත මංසන්ධියෙන් අවහිර වී තිබුණා.
මේ අතර, අද දිනයේත් ඉන්ධන නොමැතිවීම හේතුවෙන් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙනවා.
ඇතැම් ඉන්ධනහල් වසා දමා ඇති ආකාරය ද දක්නට ලැබෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
මේ අතර බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කළේ නොරොච්චෝලේ බලාගාරය යථා තත්වයට පත් කරන තුරු ඔටෝ ඩීසල් සීමාසහිතව නිකුත් කරන බවයි.
පෙට්‍රල් සහ බොරතෙල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් යාත්‍රාවක් අනිද්දා (09) දිවයිනට පැමිණීමට නියමිත බව ද ඔහු සඳහන් කර තිබුණා.
Share This Article