තරුණියක් සැමියන් හතරක් සමග පවුල් කාලා - සිවුවැනි සැමියා අලි අකරතැබ්බයක
Saturday, 07 May 2022 - 10:51 | Views - 1,328
ඇයගේ වයස මේ වනවිට අවුරුදු විසි අටකි. ඉතා රූමත් ඇය නිතරම රූපලාවන්‍ය උපකරණද භාවිතා කළාය. කුඩා අවධියේ සිටම නිල් චිත්‍රපටිවලට ඇබ්බැහි වූ ඇය වයස දාහතේදී කොළඹ ප්‍රදේශයේ තරුණයෙකු සමඟ විවාහ වූවාය.

එලෙස විවාහ වූයේ 2010 වසරේදී වන අතර එම විවාහයෙන් ඇය දරුවෙකු ප්‍රසූත කළාය. 
 
වසර දෙකකටත් අඩු කාලයක් එම විවාහය පැවති අතර සැමියා විදේශ රැකියාවකට ගිය අතරේ 2013 වසරේදී ඇය ගම් පළාතේ පුද්ගලයෙකු සමඟ දෙවන වරටත් විවාහ වූවාය. 
 
එම විවාහයෙන් දරුවන් ප්‍රසූත නොකිරීමට ඇය වගබලා ගත්තාය. එහෙත් එම සැමියාද ඇයගේ හිතට හරි ගියේ නැත. වසර තුනකින් එම විවාහයද කෙළවර විය. 
 
ඇය තෙවැනි වරටත් විවාහ වූ අතර එසේ විවාහ වූයේ 2016 වසරේය. 
 
පෙර දෙවතාවක් ඇය විවාහ වී සිට ඇති බවක් ඔහු දැන ගත්තේ නැත. තෙවන සැමියා සමඟද ඉතා කෙටි කාලයක් පමණක් සිටි ඇය වසර තුනකින් එම විවාහයද කෙළවර කරගත්තාය.
 
මේ අතරතුරදී දිනක් ඇය එක්තරා ආයතනයකට පැමිණි අවස්ථාවේ එහි සේවය කරන නිලධාරියෙකු හඳුනා ගත්තාය. 
 
ඇගේ රූපශ්‍රියට ඔහුගේ සිතේද ආදරයක් ඇති විය. ඇය තමාගේ බිරිඳ කරගන්නට ඇත්නම් කොපමණ හොඳදැයි ඔහු සිතුවේය. අවසානයේ එම සිතිවිල්ල පල දැරීය. 
 
ඒ අනුව 2021 වසරේ ඔවුන්ගේ විවාහය ලියාපදිංචි කෙරිණි. ඒ ඇයගේ සිව්වන විවාහය බව ඔහු දැන සිටියේ නැතිමුත් සිව්වන විවාහයෙන් ඇය දරුවකු ප්‍රසූත කළාය. 
 
ටික කලක් යනවිට ඔවුන්ගේ විවාහය දෙදරා ගියේය. ඇය ඔහු සමග නිතර නිතර රණ්ඩු සරුවල් කර ගත් අතර ඇයගේ පෙර වැරදි රැසක්ද ඔහුගේ සවනට වැටෙන්නට විය. 
 
ඔහු පොලිසියට පැමිණ පැමිණිල්ලක් දැම්මේය. ඔහු එලෙස පැමිණියේ ඇයගේ පෙර විවාහ සහතික තුනද සොයා ගෙනයි. 
 
තමා පත් වූ තත්ත්වය ගැන ඔහු සැබැවින්ම කම්පාවට පත්ව සිටි අතර පොලිසිය පැවසුවේ විමර්ශනවලින් පසු බහු විවාහ චෝදනාව යටතේ ඇයට එරෙහිව නඩු පවරන බවය. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top