මීගමුව - මහබාගේ අවහිර වෙයි
Saturday, 07 May 2022 - 9:46 | Views - 1,307
කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගය අවහිර වී තිබෙනවා.
ඒ මේ වනවිට (06) මහබාගේ මංසන්ධිය අසල මග හරස් කරමින් පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන්.
මෙම විරෝධතාවේ දී ජනතාවගේ ඉල්ලීම වන්නේ තමන් හට වහාම එල්.පී. ගෑස් ලබාදීමට කටයුතු කරන ලෙසයි.
රට තුළ පවතින දැඩි ඩොලර් හිඟයෙ හේතුවෙන් මේ වනවිට බලශක්ති අර්බුද මෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ සහ ආහාරපානවල හිඟතාවක් හටගෙන තිබෙනවා.
මේ හේතුවෙන් ඊයේ (05) දිනයේ දී 69 වසරකට පසුව මෙරට දේශපාලනයට එරෙහිව ඇති වූ දෙවැනිම හර්තාල් ව්‍යාපාරය ද පැවැත්වුණා.
ජනතාව වීදි බැස පවතින රජයට සහ පාර්ලිමේන්තුවේ 225 දෙනාටම සිය තනතුරුවලින් ඉවත්ව ගෙදර යන ලෙස බලකරමිනුයි මෙම අරගල පවත්වන්නේ.
Share This Article