21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට
Saturday, 07 May 2022 - 9:16 | Views - 470
පෞද්ගලික මන්ත්‍රී යෝජනා ලෙස ඉදිරිපත් කර ඇති 21 වන සහ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් ඇතුළත් ගැසට් අතිරේකයක් නිකුත් කර තිබෙනවා.

ඒ සමගි ජන බලවේගයේ මහලේකම් මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සහ ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ යන අය විසින්.

මෙම පනත් ප්‍රකාශය පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කිරීම පිණිසයි නිකුත් කර ඇත්තේ.

ඒ අනුව 20 වැනි ව්‍යවස්ථාව සංශෝධනය කරමින්, 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීම අරමුණු කරගනිමින් 05 (02) යටතේ 'අ' කොටසේ මෙසේ සඳහන් කර තිබෙනවා.

4 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයේ ''ජනතාව විසි තෝරා පත්කරගනු ලබන ජනරජයේ ජනාධිපති විසින් ක්‍රියාත්මක කළ යුත්තේය.'' යන වචන වෙනුවට ''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සලස්වා ඇති ආකාරයට ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය විසින් ක්‍රියාත්මක කළ යුත්තේය.'' යන වචන එයට ආදේශ කර තිබෙනවා.

මේ අතර ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද සංශෝධනයේ පළමුකොට පුරවැසි නිදහස තහවුරු කර තිබෙන අයුරු දැකිය හැකියි.

වර්ෂ 1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි හිමිකර දී ඇති ජීවත් වීමේ අයිතිය 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාවෙන් ගිලිහී යාමේ ප්‍රතිවිපාක යළි ඇති නොවීම වස්, මන්ත්‍රී විජයදාස රාජපක්ෂ විසින් ගෙනහැර දක්වන පළමු සංශෝධනය අතිශය වැදගත් යැයි පෙන්වාදීම උචිත වෙනවා.

ඒ අනුව 5 (2) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාවට පසුව 'අ' යටතේ '' සෑම තැනැත්තෙකුටම ජීවත් වීමේ සහ පුද්ගලික නිදහසේ අයිතිය ඇත්තේය.'' යනුවෙන් හිමිගන්වා තිබෙනවා.

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ පනත් ප්‍රකාශන යටතේ ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද පනත් ප්‍රකාශන... 













Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top