හර්තාල් ක්‍රියාමාර්ගයෙන් පසු බස් ධාවනය යළි ආරම්භ කළ ද ඉන්ධන ගැටලුව නිසා පෞද්ගලික බස් ධාවනය අද (07) සිට සීමා කිරීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.
එය ලබන අඟහරුවාදා දක්වා පැවතිය හැකි බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංගම බස් රථ සුපුරුදු පරිදි මේ වනවිටත් ධාවන කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඊයේ (06) දිනයේ ද ලංගම බස් රථ ධාවනය කෙරුණා.
මේ අතර, හර්තාල් ක්‍රියාමාර්ගයට සමගාමීව ක්‍රියාත්මක වර්ජනයෙන් පසු දුම්රිය ධාවනය අද සිට සාමාන්‍ය පරිදි සිදු කරන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළා.
එහි සම කැඳවුම්කරු එස්.පී.විතානගේ පැවසුවේ නිශ්චිත සේවා මුරයන්ට පැමිණ දුම්රිය ධාවනයට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස සියලු සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටින බවයි.