අර්බුද මැද සිව්වැනි එන්නත ලැබෙන අය මෙන්න
Friday, 06 May 2022 - 13:17 | Views - 709
වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට කොරෝනා මර්දන සිව්වැනි එන්නත් මාත්‍රාව ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම සිව්වැනි එන්නත් මැයි මස 09 වැනි දින සිට දිවයින පුරා එන්නත්කරණ මධ්‍යස්ථාන තුළ දී ලබාගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන නිවේදනය කළා.
මෙම සිව්වැනි එන්නත ලබා ගැනීම ස්ව කැමැත්ත මත සිදු කළ හැකි බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
Share This Article