වසර 69කට පසු දැවැන්තම හර්තාලය අද (Video)
Friday, 06 May 2022 - 8:38 | Views - 1,040
අද (06) ක්‍රියාත්මක කිරීමට නියමිත හර්තාලයට සහය දෙන බවට බොහෝ පිරිස් ඊයේ නිවේදනය කළා.

එහිදී දුම්රිය ස්ථානාධිපති සංගමයද සඳහන් කළේ ,ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සියලුම සේවා කටයුතුවලින් ඉවත් වීමට කටයුතු කරන බවයි.

එසේම , පෞද්ගලික බස් සංගම් පැවසුවේ තමන් ද ඊට සහය පළ කරමින් ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ ධාවනයෙන් ඉවත් වී තිබෙන බවයි.

එහෙත්, ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සාමාන්‍ය පරිදි ධාවනයට කටයුතු කරන බවයි එහි සභාපති කිංස්ලි රණවක ඊයේ සඳහන් කළේ.

මේ අතර අද (06) ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක් දින සේවය ඇතුළු මහජන සේවා ක්‍රියාත්මක නොවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ කියා සිටියේ අද පැවැත්වෙන හර්තාල් ක්‍රියාමාර්ගයට වෘත්තීය සමිති දහසකට අධික සංඛ්‍යාවක් සහය පළ කරන බවයි.

ගුරු - විදුහල්පති හා ගුරු උපදේශකවරුන් ද මෙම වර්ජන ක්‍රියාමාර්ගයට සහය පළ කරන බව ද බොහෝ පාසල් වල තත්ත්වය නිරීක්ෂණය කිරීමේදී දැකගන්නට ලැබුණු අතර, ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිතියක් වන ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ කියා සිටියේ පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා අන්තවාදී ගුරු විදුහල්පති සංගම් රාජ්‍ය විරෝධී වර්ජනයකට යොමුව ඇති බවයි.

ඒ හේතුවෙන් තම සංගමයේ කිසිදු සහයෝගයක් ඊට ලබා නොදෙන බව ද ඇය සඳහන් කළා.

සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් පසුගියදා මාධ්‍ය හමුවකදී කියා සිටියේ පාසල් විභාග පැවැත්වෙන බැවින් තම සංගමය වර්ජනයට එක් නොවන බවයි.

එහෙත්, වර්ජනයට සහය පළ කරමින් කළු කොඩියක් සහිත පාසල් ප්‍රවාහන සේවා අද දිනයේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ද ඔහු සඳහන් කළා.

ජල සම්පාදන සේවක සංගමයේ ලේකම් උපාලි රත්නායක ද ඊයේ පැවති මාධ්‍ය හමුවකදී වර්ජන ක්‍රියාමාර්ගයට තම වෘත්තීය සමිති ද සහභාගි වන බව ප්‍රකාශ කළා.

එමෙන්ම රජයේ හා පෞද්ගලික බැංකු හර්තාල් ව්‍යාපාරයට සහය දක්වන බවයි ලංකා බැංකු සේවකයින්ගේ සංගමය කියා සිටියේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ සියලු වෘත්තීය සමිති අද පැවැත්වෙන හර්තාල් හා වර්ජන ක්‍රියාමාර්ගයට සහය පළ කරන බව එම පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

මේ අතර, අද පැවැත්වෙන වර්ජන හා හර්තාල් ක්‍රියාමාර්ගයට සහය පළ නොකරන බව පළාත් සභා හා පළාත් පාලන සේවක සංගමය සඳහන් කළා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳව අදහස් දක්වමින් එම සංගමයේ සම්බන්ධීකරණ ලේකම් එස්.ඒ. ආනන්ද කියා සිටියේ සාමාන්‍ය ජනතාව අපහසුතාවයට පත් නොකර තම සංගමය සුපුරුදු පරිදි සිය රාජකාරිවල නිරත වන බවයි.

මේ අතර, ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙසට බලකරමින් ගාලුමුවදොර ආරම්භ කළ විරෝධතාව අද 28 වන දිනටත් ක්‍රියාත්මකයි. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top