පරණ සියඹලා වෙනුවට අලුත් සියඹලා ගෙනාපු හැටි (Video)
Friday, 06 May 2022 - 7:39 | Views - 321
හිටපු කතානායක රංජිත් සියඹලාපිටිය විසින් ම යළි එම ධුරය භාර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු වන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික සාමාජික මහින්ද අමරවීර ඊයේ (05) අදහස් පළ කළා.
සියඹලාපිටිය මන්ත්‍රීවරයා සිය නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉවත් ව , විපක්ෂයේ අසුන්ගත් අවස්ථාවේ ඔහු පැවසුවේ, විපක්ෂයෙන් තමන්ව එම ධුරයට යෝජනා වන්නේ නම්, නියත වශයෙන් ම තමන් එම ධුරයේ කටයුතු කිරීමට සූදානම් බවයි.
ඒ අනුව මෙම පත් කිරීමට රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා ව විපක්ෂය විසින් පත්කළ බව ද මන්ත්‍රී අමරවීර ප්‍රකාශ කළා.
මේ අතර, මෙම පත් කිරීම කූඨ සහ සැලසුම්සහගතව ජනතාව මුලා කරමින් සිදු කරන ලද්දක් බවට සජබෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන පවසනවා.
විපක්ෂය ලෙසින් තම පිරිස ආණ්ඩුවට එරෙහිව කටයුතු කළ හැකි සෑම දෙයක් ම සිදු කළ බවත්, මින් ඉදිරියට ජනතාව සතුව කළ යුතු දේ තීරණය කිරීමට බලය ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.
මෙවන් පසුබිමක දී විශ්වාසභංගයකට හෝ දෝෂාභියෝගයක් ගැන කිසිදු බලාපොරොත්තුවක් හෝ විශ්වාසයක් නොමැති බව ද මන්ත්‍රී කවින්ද පැවසුවා.
Share This Article