ඉන්ධන පුරවා ගැනීම - තවදුරටත් සීමා වෙයි
Thursday, 05 May 2022 - 17:59 | Views - 1,306
ඉන්ධන පිරවුම්හල්වල අද (05) සිට ඉන්ධන සීමා කිරීම් සිදුකර තිබෙනවා.
ඒ අනුව යතුරුපැදි සඳහා රුපියල් 2000ක්, ත්රිරෝද රථ සඳා රුපියල් 3000ක් යන අගයන් මත පමණක් ඉන්ධන ලබාගත හැකියි.
කාර්, වෑන් සහ ජීප් සඳහා ඉන්ධන ලබාගත හැක්කේ රුපියල් 8000කටයි.
බස්, ලොරි සහ වාණිජ වාහන සඳහා මෙම සීමා බල නොපැවැත්වෙන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති පැවසුවේ.
Share This Article