විරෝධතාකරුවන් පොල්දූව හන්දියෙන් ඇති බාධකයන් හරහා ඉදිරියට යාමට උත්සාහ කිරීමේ දී පොලීසිය විසින් ඔවුන් විසුරුවා හැරීමට කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
මේ හේතුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
අද දහවල් ඔවුන් මෙම පාගමන ආරම්භ කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටින්.
පසුව හයිලෙවල් මාර්ගය ඔස්සේ නුගේගොඩට පැමිණ නාවල හරහා රාජගිරිය දෙසට පැමිණියා.
රට තුළ පවතින දැඩි අයහපත්කාරී මෙන් ම වියවුල්කාරී දේශපාලන අර්බුදයන්ට වහාම විසඳුම් ඉල්ලා සහ පාර්ලිමේන්තුවේ 225 දෙනා සිය තනතුරුවලින් ඉවත්ව ගෙදර යා යුතු බවට පවසමිනුයි ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වන්නේ.
UP DATE....
අන්තරේ විරෝධතා පා ගමනක් නිසා හයිලෙවල් මාර්ගයේ විජේරාම මංසන්ධියේ සිට නුගේගොඩ දක්වා රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
වැඩි විස්තර...
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ආරම්භ කර ඇති විරෝධතා පාගමන මේ වනවිට රාජගිරිය මංසන්ධියට පැමිණි තිබෙනවා.
මේ හේතුවෙන් ඒ අවට මාර්ගවල රථ වාහන තදබදයක් ද පවතින බවටයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
අද දහවල් ඔවුන් මෙම පාගමන ආරම්භ කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටින්.
පසුව හයිලෙවල් මාර්ගය ඔස්සේ නුගේගොඩට පැමිණ නාවල හරහා රාජගිරිය දෙසට පැමිණියා.
මේ වනවිට සිසුන් රාජගිරිය ගුවන් පාලමෙහි සිතුවමක් නිර්මාණය කරමින් සිටිනවා.