අන්තරේට කඳුළු ගෑස් ප්‍රහාරයක් (Video)
Thursday, 05 May 2022 - 17:47 | Views - 1,317
විරෝධතාකරුවන් පොල්දූව හන්දියෙන් ඇති බාධකයන් හරහා ඉදිරියට යාමට උත්සාහ කිරීමේ දී පොලීසිය විසින් ඔවුන් විසුරුවා හැරීමට කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
අද දහවල් ඔවුන් මෙම පාගමන ආරම්භ කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටින්.

පසුව හයිලෙවල් මාර්ගය ඔස්සේ නුගේගොඩට පැමිණ නාවල හරහා රාජගිරිය දෙසට පැමිණියා.

රට තුළ පවතින දැඩි අයහපත්කාරී මෙන් ම වියවුල්කාරී දේශපාලන අර්බුදයන්ට වහාම විසඳුම් ඉල්ලා සහ පාර්ලිමේන්තුවේ 225 දෙනා සිය තනතුරුවලින් ඉවත්ව ගෙදර යා යුතු බවට පවසමිනුයි ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වන්නේ.

UP DATE....

අන්තරේ විරෝධතා පා ගමනක් නිසා හයිලෙවල් මාර්ගයේ විජේරාම මංසන්ධි‍යේ සිට නුගේගොඩ දක්වා රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

වැඩි විස්තර...

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ආරම්භ කර ඇති විරෝධතා පාගමන මේ වනවිට රාජගිරිය මංසන්ධියට පැමිණි තිබෙනවා.

මේ හේතුවෙන් ඒ අවට මාර්ගවල රථ වාහන තදබදයක් ද පවතින බවටයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

අද දහවල් ඔවුන් මෙම පාගමන ආරම්භ කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටින්.

පසුව හයිලෙවල් මාර්ගය ඔස්සේ නුගේගොඩට පැමිණ නාවල හරහා රාජගිරිය දෙසට පැමිණියා.

මේ වනවිට සිසුන් රාජගිරිය ගුවන් පාලමෙහි සිතුවමක් නිර්මාණය කරමින් සිටිනවා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top