රංජිත් සියඹලාපිටිය නැවතත් නියෝජ්‍ය කතානායක ධුරයට
Thursday, 05 May 2022 - 13:38 | Views - 322
නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය වැඩි ඡන්දයෙන් තේරී පත් වුණා.

ඒ ඔහු නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉල්ලා අස් වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ නියෝජ්‍ය කතානායක ධූරය සඳහාමයි.

නියෝජ්‍ය කතානායක ධූරය සඳහා ශ්‍රීලංකා නිදහස් පක්ෂය නැවතත් රංජිත් සියඹලාපිටිය යෝජනා කළ අතර සමගි ජන බලවේගය ඉමිටියාස් බාකීර් මාකර් මන්ත්‍රීවරයා යෝජනා කළා.

කෙසේ නමුත් පැවති රහස් ඡන්දයෙන් අනතුරුව වැඩි ඡන්ද 83 කින් රංජිත් සියඹලාපිටිය නැවතත් නියෝජ්‍ය කතානායක ධුරය සඳහා තේරී පත් වූ අතර රන්ජිත් සියඹලාපිටිය සඳහා ඡන්ද 148ක් ලබා ගත් අතර ඉමිතියාස් බාකීර් මාකර් ඡන්ද 65ක් ලබා ගත්තා.

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මතභේද මධ්‍යයේ වුව ද පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 4 ට යටතේ රහස්‍ය ඡන්ද විමසීමක් පැවැත් වූ අතර ඉන් වැඩි ඡන්ද ලබා ගනිමින් නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස තේරී පත්වුණා.  


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top