පරිගණක පද්ධතියේ යලි හටගත් හදිසි දෝෂයක් හේතුවෙන් සිය ප්‍රධාන කාර්යාලය ඇතුළු සියළු ශාඛා කාර්යාලවල විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් භාර ගැනීමේ කටයුතු අද දිනයේදී සිදු නොකරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ එක්දින සහ සාමාන්‍ය සේවා දෙකටම මෙය අදාළ වන බවයි.
එමෙන්ම අනෙකුත් සේවා කටයුතු ද අද දහවල් 12.30 දක්වා සීමා කර තිබෙනවා.
කෙසේ වෙතත්, ගුවන් තොටුපළ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
පෙරේදා රාත්‍රියේ හටගත් හදිසි පරිගණක දෝෂයක් හේතුවෙන් ඊයේ දිනයේදී එම දෙපාර්තමේන්තුවේ කටයුතු සිදුනොකරන බව ප්‍රකාශ කර තිබූ අතර පසුව එය ඊයේ උදෑසන යථා තත්ත්වයට පත් කෙරුණා.