අද සහ හෙට පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයන් සහ එම මාර්ගයන් වෙත පිවිසෙන අතුරු මාර්ගයන් වසා තැබෙන බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වෙන අවස්ථාවන්වල දී විටින් විට එම ප්‍රදේශවල පැවැත්වෙන මහජන උද්ඝෝෂණය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට ගමන් කිරීමට බාධා එල්ල වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මේ හේතුවෙන් පාර්ලිමේන්තුව අවට මාර්ගයන් වන දියත උයන මංසන්ධියේ සිට ජයන්තිපුර මංසන්ධිය දක්වාත්, ජයන්තිපුර මංසන්ධියේ සිට කියංහෑම් මංසන්ධිය දක්වාත් මෙලෙස වසා තැබෙනවා.
කෙසේ වෙතත්, විකල්ප මාර්ග නොමැති නම් එම සීමාව තුල පදිංචි මහජනතාවට සිය අනන්‍යතාවය තහවුරු කිරීමෙන් පසු ගමන් කිරීමේ හැකියාව පවතින බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය දැනුම් දෙන්නේ.
මේ අතර, පාර්ලිමේන්තුව අවට පෙරදිනවලට සාපේක්ෂව වැඩි ආරක්ෂාවක් යොදවා ඇති බව හිරු පාර්ලිමේන්තු වාර්තාකරු ප්‍රකාශ කළා.
කැරලි මර්දන ඒකකයේ නිලධාරින් මෙන්ම ජල බවුසර් ද එම ස්ථානයට කැඳවා තිබෙනවා.