විදුලි ඉංජිනේරුවන්ගෙන් - අනතුරු ඇඟවීමක්
Thursday, 05 May 2022 - 9:50 | Views - 2,915
නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වීම සහ ජල විදුලි අර්බුදය හමුවේ, දැනට සිදු කරන විදුලිය විසන්ධි කිරීමේ කාලය පැය 5ක් දක්වා ඉහළ දැමීමේ අවදානමක් පවතින බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළා.

එහි සභාපති අනිල් රංජිත් ඉඳුවර මේ බව කියා සිටියේ, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීයි.

මේ සම්බන්ධයෙන් අප මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායකගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ, පවතින තත්වය කළමනාකරණය කර ගැනීමේ හැකියාව පවතින බවයි. එසේම දැනට ක්‍රියාත්මක පැය 3යි මිනිත්තු විස්සේ විදුලි කප්පාදු කාල සීමාව ඉහළ නොදමන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත දැනුම් දී ඇතැයිද සභාපතිවරයා කියා සිටියා.

මේ අතර ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට තවත් පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 40,000ක් ඊයේ ළඟා වී ඇති බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළා. ඒ අනුව ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ලබාදී ඇති ඉන්ධන ප්‍රමාණය මෙටි්‍රක් ටොන් හාර ලක්ෂ 40,000 දක්වා ඉහළ යනු ඇති.

කෙසේ වෙතත් මෙරටට බලපෑ ඇති ඉන්ධන හිඟය තවදුරටත් උග්‍ර වී තිබෙනවා. ඊයේ වනවිට ඉන්ධන නොමැතිව ඇතැම් ඉන්ධන අලෙවිසැල් වසා දමා ඇති අතර ඇතැම් ස්ථානවල දිගු පෝළිම් දක්නට ලැබුණා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top