දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද අද පස්වරු කාලයේ තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.