රාජගිරියේ - රථවාහන තදබදයක්
Wednesday, 04 May 2022 - 21:04 | Views - 1,763
පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය පොල්දූව හන්දියෙන් වසා දැමීම නිසා රාජගිරියේ සිට බත්තරමුල්ල දක්වා රථවාහන තදබදයක් හට ගෙන තිබෙනවා. 

කෙසේ වෙතත්, අද උදෑසන පොල්දූව මංසන්ධියේ පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 119 වගන්තිය යටතේ අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ විරෝධතාකරුවන් 13 දෙනාටම ඇප නියම කිරීමට මහේස්ත්‍රාත්වරයා මීට ටික වේලාවකට පෙර නියෝග කළා.

අත්අඩංගුවට ගත් පිරිස මහරගම පොලිසියේ රඳවා තබා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉිදරිපත් කෙරුණු අතර ඔවුන් සම්බන්ධ පැමිණිලිල්ල විභාගයට ගැණුනේ මහේස්ත්‍රාත්වරයාගේ නිල කාමරයේදීයි.

මෙහිදී අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් වෙනුවෙන් නොමිලේ පෙනී සිටීම මඳහා නීතිඥයින් අති විශාල පිරිසක් කඩුවෙල අධිකරණ පරිශ්‍රයට පැමිණ සිටි අතර මහේස්ත්‍රාත්වරියගේ නිල කාමරයේ ඉඩකඩ සීමාවීම හේතුවෙන් ඔවුන් අධිකරණ භූමිය පුරා විසිර සිටින අයුරු දක්නට ලැබුණා.

මෙහිදී අත්අඩංගුවට ගත් පිරිස වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහේස්ත්‍රාත් නිල මැදිරියේදී කියාසිටියේ විශ්වාසභංගය ගැන කතානායකවරයාට ලිපියක් භාරදීමට ගිය පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවයි.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top