හෙට සහ මැයි 04 වැනි දින විදුලිය කැපෙන්නේ මෙහෙමයි
Sunday, 01 May 2022 - 13:31 | Views - 1,016
හෙට (02) සහ මැයි මස 04 වැනි දින දිවයින පුරා සිදු කෙරෙන විදුලි කප්පාදුව පිළිබඳ දැනුවත් කිරීමක් මහජන උපයෝගිතා කොමිසම විසින් සිදු කර තිබෙනවා.

ඒ අනුව එම දිනයන් දෙකෙහි දී දිවයින පුරා විදුලි කප්පාදුව සිදු කෙරෙන්නේ පැය 03 - විනාඩි 20ක කාලයක් පමණයි.

විදුලි කප්පාදුව සඳහා වර්ගීකරණය කරන ලද A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාපවල විදුලිය ඇනහිටින්නේ උදෑසන 09 සිට පස්වරු 05 අතර කාලය තුළ දෙපැයක් පමණක් වන අතර සෙසු පැයයි විනාඩි 20ක කාලය විදුලිය අක්‍රීය වන්නේ පස්වරු 05 සිට රාත්‍රී 09 තෙක් කාලයේ දි යි.

රට තුළ මේ වනවිට දැඩි උද්ධමනයක් පවතින අතර, මෙවන් පසුබිමක ඩොලර් හිඟතාවක් නිර්මාණය වී තිබෙනවා.

මේ හේතුවෙන් මෙරටට අවශ්‍ය බලශක්ති ලබාගැනීමේ දුෂ්කරතාවකට මුහුණදී ඇති අතර, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ද දක්නට ලැබෙනවා.

එවන් තත්ත්වයක් මත විදුලිය උත්පාදනය කිරීමට බලාගාරවලට අවශ්‍ය කරන ඩීසල් සහ නැප්තා හිඟවීමෙන් ධාරිතාව සහ සමබරතාව පාලනය කරගැනීම වෙනුවෙනුයි ලංකා විදුලිබල මණ්ඩලය විදුලි කප්පාදුවකට අවතීර්ණ වීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර පැතුවේ.

එම අවසරය හිමිවීමත් සමග මේ වනවිට තුන් මසකට ආසන්න කාලයක සිට විදුලි කප්පාදුව දිවයිනටම බලපැවැත්වෙන පරිදි හෝරා ගණනින් කප්පාදුවකට ලක්වනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top