පෞද්ගලික ටැංකි රථ රියදුරන් අදත් වර්ජනයේ
Sunday, 01 May 2022 - 12:04 | Views - 2,167
ඉන්ධන ප්‍රවාහන කටයුතුවලින් ඉවත් වෙමින් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ රියදුරන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කළා.

එම සංගමයේ සම ලේකම් ඩී.වී.ශාන්ත සිල්වා සඳහන් කළේ, ගෙවීම් ඉහළ නංවන ලෙස ඉල්ලමින් මෙම වර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බවයි.

කෙසේ වෙතත්, ඊයේ රාත්‍රියේ සිය සමාජ මාධ්‍ය ජාල ගිණුම් හරහා පණිවුඩයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ, සේවයට වාර්තා නො කරන ඉන්ධන ප්‍රවාහන බලපත්‍රලාභීන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට තීරණය කර ඇති බවයි.

එසේම, ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට, වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ප්‍රවාහනයට මෙතෙක් බලපත්‍ර ලබා නො දුන් සහ ලබා ගැනීමට නො හැකි වූ නව ප්‍රවාහනකරුවන්ට කඩිනමින් නව බලපත්‍ර ලබාදීමටත් උපදෙස් ලබාදුන් බවයි එහි දැක්වුණේ.

ඊයේ දිනයේ පස්වරු 04 වනවිට ඉන්ධන බවුසර් 384කින් සහ දුම්රිය මගින් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුකර තිබෙනවා.

ප්‍රමාණවත් ඔටෝ ඩීසල්, සුපර් ඩීසල්, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් සහ භූමිතෙල් තොග වෙළඳපොලට අඛණ්ඩව නිකුත් කරන අතර, එම ඉන්ධන ප්‍රමාණවත් තොග ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින බව ද අමාත්‍යවරයා වට්ස්ඇප් හරහා නිකුත් කළ නිල පණිවුඩයේ සඳහන්.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් සීමිත තොග වෙළඳපොලට නිකුත් කරන බව ද එහි දැක්වෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top