මත්පැන්හල් සඳහා හදිසියේම දැනුම් දීමක්
Sunday, 01 May 2022 - 11:21 | Views - 1,412
අද (01) යෙදී ඇති ලෝක කම්කරු දින සැමරුම් පෙළපාලි හා රැස්වීම් පැවැත්වෙන ප්‍රදේශ ආශ්‍රිතව පිහිටා ඇති මත්පැන්හල් අද දින පස්වරු 12.00 සිට දිනය අවසන් වන තෙක් වසාතැබීමට නියෝග කර තිබෙනවා.අදාළ පෙළපාලි ගමන් කිරීමට නියමිත මාර්ගයන් සහ එම රැස්වීම් පැවැත්වීමට නියමිත ස්ථානයන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් දැනටමත් ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව එම මාර්ග සහ රැස්වීම් භූමි ආශ්‍රිතව පිහිටා ඇති මත්පැන්හල් සම්බන්ධයෙන් එම නියෝගය බලපැවැත්වෙන බව ද සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

Share This Article