කොළඹ මාර්ග කිහිපයක වාහන නවත්වන්න අද අවසර නැහැ
Sunday, 01 May 2022 - 9:20 | Views - 2,724
කම්කරු දිනයට සමගාමීව විවිධ පාර්ශව විසින් සංවිධාන කර ඇති පෙළපාලි සහ රැස්වීම්වල ආරක්ෂාව, රථවාහන පාලනය සහ මාර්ග ආරක්ෂාව සැලසීම මෙන්ම සාමාන්‍ය රථවාහන ගමනාගමනය විධිමත්ව පවත්වාගෙන යෑම සඳහා පොලිසිය විසින් අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙනවා.

පිට පළාත්වල පැවැත්වෙන පෙළපාලි සහ රැස්වීම් සම්බන්ධයෙන් සුදුසු පරිදි අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මෙන්ම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට පොලිස් මූලස්ථානය විසින් අවශ්‍ය උපදෙස් හා නියෝග ලබාදී ඇති බව සඳහන්.

කොළඹ නගරයේ සහ නුගේගොඩ පැවැත්වෙන පෙළපාලි සහ රැස්වීම් පිළිබඳව අවධානය යොමුකරමින් නියමිත රාජකාරී ආවරණය කිරීම සඳහා පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේ.

ඒ අනුව නුගේගොඩ, පෑලියගොඩ, බේස්ලයින් පාර, වෝඩ් පෙදෙස, ලිප්ටන් වටරවුම, නිදහස් මාවත, මාලිගාවත්ත, පංචිකාවත්ත, ටෙක්නිකල් හන්දිය, ඕල්කට් මාවත, කොම්පඤ්ඤවීථිය, හයිඩ්පාඩ්, ලේක්හවුස්, කොස්ගස්හන්දිය, කොල්ලුපිටිය, පිත්තල හන්දිය ඇතුළු මාර්ග රැසක මැයි දින පෙළපාලි ගමන් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ හේතුවෙන් දහවල් 12න් පසු කොළඹ නගරයේ මාර්ග කිහිපයක වාහන සහ යතුරුපැදි නතර කිරීමට අවසර ලබා දෙන්නේ නැහැ.

රැස්වීම් සඳහා පැමිණෙන පුද්ගලයින්ගේ වාහන නතර කිරීම සඳහා රථගාල් කිහිපයක් වෙන් කර ඇති අතර, ඒවායේ මෝටර් රථ නතර කිරීමට කටයුතු කරන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top