ලෝක කම්කරු දිනය අදයි
Sunday, 01 May 2022 - 7:15 | Views - 315
1886 වසරේ මැයි පළමු වැනි දා අමෙරිකානු කම්කරුවන් පිරිසක් තම වැඩ මුරය පැය 08කට සීමා කරන ලෙස ඉල්ලා චිකාගෝ නුවර දී විරෝධතාවක් පැවැත්වුවා.
එම විරෝධතාවට එල්ල වූ ප්‍රහාරය මුල් කරගෙන යි ලෝක කම්කරු දින සැමරුම ආරම්භ වුණේ.
එම වැඩවර්ජනය දින 03ක් පැවති අතර, ඊට එල්ල වූ පොලිස් ප්‍රහාරයකින් කම්කරුවන් 04 දෙනකු මිය ගියා.
පසු ව එය ගැටුමක් දක්වා වර්ධනය වී පොලිස් නිලධාරීන් 06 දෙනකු ද මිය ගිය අතර, වර්ජනයට මුල් වූ වෘත්තීය සමිති නායකයින්ට සිර දඩුවම් නියම කිරීමට යි පියවර ගෙන තිබුණේ.
එය සිහිකරමින් 1889 වසරේ දී ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කළේ, සෑම වසරක ම මැයි පළමු වැනි දා ලෝක කම්කරු දිනය සැමරීමට යි.
ශ්‍රී ලංකාවේ පළමු මැයි දින සමරුව 1927 වසරේ දී පැවැත්වුණා.
Share This Article