ආර්ථිකය යථාවත් කර ගැනීමට දේශපාලන ස්ථාවරභාවය අතිශය තීරණාත්මක කාරණයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලා සිටිය ද එසේ නොවුනද රජයේ අනුමත වියදම් කපා හැරීමට ගතයුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට තමා ප්‍රමුඛ නව මහබැංකු පරිපාලනය කිසිසේත් පසුබට නොවන බවයි.
මේ වන විටත් එවැනි දැඩි තීරණ රැසක් ගෙන ඇති බවත් තමා ඇතුළු මෙම කණ්ඩායම කටයුතු කරනුයේ ආර්ථිකය යථාවත් කර මේ රට නිවැරදි මාවතට ගෙන් ඒමට බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
රජයේ අනවශ්‍ය වියදම් කපා හැරීමේ දී කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් එම ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.
මෙහිදී මාධ්‍යවේදිනියක් විසින් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, මේ වන විට මුදල් අමාත්‍යවරයා සතු විෂය පථයන් ගැසට් කර නොමැති වුවද එම විෂය පථයන් ආවරණය වන පරිදි මහ බැංකුව විසින් අවශ්‍ය තීන්දු සහ පියවර මේ වන විටත් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.
ඔහු උදාහරණ වශයෙන් පෙන්වා දුන්නේ ඉන්ධන මිල සහ ගෑස් මිල වැඩි කිරීමට මහ බැංකුව ගත් පියවර ඉන් එකක් බවයි.
මුදල් අමාත්‍යවරයා ගේ විෂය පථයගැසට් කර තිබුණද, නොතිබුණද, මහ බැංකුවේ ක්‍රියාකාරීත්වයට එය එතරම් දැඩි බලපෑමක් සිදු නො කරන බවටයි ඔහු අවධාරණය කළේ.