රට පුරා වාහන අමතර කොටස්වල දැවැන්ත හිඟයක් ඇතැයි ප්‍රවාහන වෘත්තිය සමිති පවසනවා.
ඊට හේතුවී ඇත්තේ රට තුළ ඇති ඩොලර් අර්බුදයයි.
ඔවුන් පවසන්නේ වෙළඳපොලේ ඇති අමතර කොටස්වල මිල පවා සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.
පවතින තත්ත්වය මත තම කර්මාන්තය සිදුකරගෙන යාමට නොහැකි වෙමින් ඇතැයි වෘත්තීය ත්‍රී රෝද රථ සේවක සංගමයේ සභාපති දේවානන්ද සුරවීර සදහන් කරනවා.
