තවත් ගෑස් නැවක් දිවයිනට
Friday, 29 April 2022 - 13:20 | Views - 9,170
ඉදිරි සති කිහිපය තුළ ගෑස් හිඟය අවසන් කිරිමට හැකි වන බව ලිට්රෝ සමාගම පවසනවා. එහි සභාපති විජිත හේරත් කියා සිටියේ දිනකට උපරිම ගෑස් සිලින්ඩර ප්‍රමාණයක් වෙළඳපොලට මුදා හරිමින් පවතින හිඟය කඩිනමින් විසඳීමට කටයුතු කරන බවයි.

ගෑස් පාරිභොගිකයින්ගෙන් වැඩි පිරිසක් නාගරික ජනතාව බැවින් නගරාශ්‍රිතව බෙදාහැරිම් කටයුතු සඳහා ප්‍රමුඛතාව ලබා දෙන බව ද ලිට්රෝ සමාගම සඳහන් කළා.

එමෙන්ම මෙටි්‍රක් ටොන් 3500ක තවත් ගෑස් නෞකාවක් අද මෙරටට පැමිණ තිබෙනවා.

මේ අතර, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලිට්රෝ සහ ලාෆ්ස් සමාගම් වලට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදී තවත් සැපයුම්කරුවන් කිහිපදෙනකු තෝරා ගැනීමට කටයුතු සැලසුම් කර ඇති බව වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළා.

කෙසේ වෙතත් අදත් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව ගෑස් මිල දී ගැනීම සඳහා තවදුරටත් දිගු පෝලිම්වල රැඳී සිටින බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top