ජනපති හා පක්ෂ එකොළහේ - සාකච්ඡාව ඇරඹෙයි
Friday, 29 April 2022 - 11:26 | Views - 304
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුව අද උදෑසන පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් ගේ හමුව වෙනුවට ආණ්ඩුවෙන් ඉවත්ව ගිය පක්ෂ 11 නායකයින් සමඟ සිදු කෙරෙන සාකච්ඡාව මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ආරම්භ කෙරුණා.

මේ සඳහා රජයට සහාය දැක්වීමෙන් ඉවත් වූ පක්ෂ එකොලහේ නායකයින් එක් වී සිටින බව එම සාකච්ඡාවට පැමිණ සිටින හිටපු අමාත්‍යවරයෙකු සඳහන් කළා.

ජනාධිපතිවරයා පෙර යෝජනා කර තිබුණේ පාර්ලිමේන්තුවේ සිටින සියලු පක්ෂ නායකයින් සමග සිකුරාදා දිනයේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡා පවත්වන බවයි.

කෙසේ වෙතත් මෙම සාකච්ඡා සඳහා පාර්ලිමේන්තුවේ සිටින විපක්ෂය ඇතුළු බොහෝ පක්ෂවලින් සාධනීය ප්‍රතිචාර හිමි වූයේ නැහැ.

සමගි ජන බලවේගය මෙම සාකච්ඡා සඳහා එක් වීමට මේ දක්වා කැමැත්තක් පළ කරන නොමැති අතර ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මූලිකත්වය දරන සර්ව පාක්ෂික රජයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පල රහිත ක්‍රියාවක් බවයි.

එවැනි සාකච්ඡාවක් සඳහා එක්වීමට සිය පක්ෂයේ කිසිදු සූදානමක් නොමැති බව ඔවුන් සඳහන් කර සිටියා.

මේ අතර මහනුවර සිට කොළඹ දක්වා පා ගමනක නිරතවන සමගි ජනබලවේගයේ නායකයින් එම පාගමන අතරතුර පැවැත්වෙන සෑම ජන හමුවකදී ම ප්‍රකාශ කර සිටියේ අශුද්ධ සන්ධාන සමඟ එක්වීමට සමගි ජන බලවේගය කිසිදු අවස්ථාවක සූදානම් නොමැති බවයි.

මේ අතර රජයට සහය දැක්වීමෙන් ඉවත් වූ ශ්‍රිලනිපය ප්‍රමුඛ පක්ෂ එකොළහේ නායකයින් මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත අදහස් දක්වමින් දන්වා යවා තිබුණේ අග්‍රාමාත්‍යවරයා හෝ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් සහභාගී වන කිසිදු රැස්වීමකට එක්වීමට තමන් සූදානම් නොමැති බවයි.

එබැවින් පක්ෂ එකොළහේ නායකයින් සඳහා වෙනම සාකච්ඡාවක් ලබා දෙන ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණා.

එයට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද උදෑසන 10:30 ට එම සාකච්ඡාව සඳහා එක්වන ලෙසයි පක්ෂ එකොළහේ නායකයින්ට දන්වා තිබුණේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top