කොළඹ උණුසුම් වෙයි - නවතම තත්ත්වය මෙන්න (Video)
Friday, 29 April 2022 - 10:40 | Views - 4,623
කොළඹ කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට උණුසුම් තත්වයක් මතු වී ඇති බව එහි සිටින අප වාර්තාකරු පවසනවා.
මීට හේතු වී ඇත්තේ අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවන පිරිසට බාධා වන අයුරින් ඒ ඉදිරිපිට නවතා තිබූ බස් රථ සහ ලොරි රථ ඉවත්කර ගැනීමට අද කොල්ලුපිටිය පොලිසිය උත්සාහ කිරීමත් සමඟයි.
අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් විසින් පිහිටුවා ගන්නා ලද මයිනාගෝගම අරගල මධ්‍යස්ථානයේ විරෝධතාවයේ නිරතව සිටී පිරිස චෝදනා කළේ මේ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියට මීට දින දෙකකට පෙර පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේදී එම බස් රථ සහ ලොරි රථ වල අයිතිකරුවන් කවුරුන්දැයි කොල්ලුපිටිය පොලීසිය දැනුවත් නොමැති බවට ප්‍රකාශ කළ බවයි.
එසේ අයිතිකරුවන් සම්බන්ධයෙන් දැනුමක් නොමැති බස්රථ මේ මොහොතේ ඉවත් කර ගන්නේ කෙලෙස දැයි ඔවුන් ප්‍රශ්න කර සිටියා.
බස්රථ ඉවත් කිරීමට පොලිසිය පැමිණීමත් සමග පොලිසිය සහ විරෝධතාකරුවන් අතර දැඩි වචන හුවමාරුවක් සිදු වන අයුරු දැකගන්නට ලැබුණා.
Share This Article