දරුවන්ට වාසගම ලබාදීමේ නව ක්‍රමයක් ඉතාලියෙන්
Friday, 29 April 2022 - 9:55 | Views - 1,692
ඉතාලිය දරුවන්ට වාසගම ලබාදීමේ ක්‍රමය නව ආරයකට හඳුන්වා දීමට සැරසෙයි. මෙහිදී දරුවන්ට දෙමාපියන් දෙදෙනාගේම වාසගම ලබා දිය යුතු වන අතර සියලුම අලුත උපන් බිළිඳුන්ට ඔවුන්ගේ පියාගේ නමින් ස්වයංක්‍රීයව නම් කරන සම්ප්‍රදාය අවලංගු කිරීමට මෙමගින් තීරණය කර තිබෙනවා.

මෙම ක්‍රියාවලිය වෙනස් කිරීමට ඔවුන් කරුණු දක්වමින් පෙන්වා දුන්නේ,මෙසේ එක් නමක් පමණක් භාවිතා කිරීම දරුවා වෙනස් කොට සැලකීම සහ අනන්‍යතාවයට හානියක් සිදුවෙන බැවින් දෙමාපියන් දෙදෙනාටම වාසගම තෝරා ගැනීමට හැකි විය යුතු බවයි.

එසේම, දරුවන්ට දෙමව්පියන් දෙදෙනාගේම වාසගම ඔවුන් තීරණය කරන අනුපිළිවෙලට මෙහිදී ලබා දීමට හැකියාව ලැබෙන අතර, ඔවුන් එකඟ නොවන්නේ නම් පමණක්, ඔවුන්ගේ දරුවන්ට ඔවුන්ගෙන් එක් අයෙකුගේ පමණක් වාසගම ලබා දීමට හැකියාව ලැබෙනු ඇත.

එම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතු නව නීති සම්පාදනය කිරීම අවශ්‍ය වන බවත් මෙහිදී වැඩිදුරටත් සඳහන් වූ අතර, ඇමතිනී ( Elena Bonetti ) එලේනා බොනෙට්ටි සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් කියා සිටියේ මෙම ක්‍රියාවලිය සඳහා එරට රජය පාර්ලිමේන්තුවට පූර්ණ සහයෝගය ලබා දීමට කටයුතු කරන බවයි.


No description available.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top