රජයේ ප්‍රතිපත්තිය තමන් වෙත ලැබුණු පසු විදුලිබිල සංශෝධනයට අදාළව මහජන අදහස් විමසීමක් සිදු කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති ජනක රත්නායක කියා සිටියේ, විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ මිල වැඩි කිරීම සඳහා වන සංශෝධනය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය විමසීමට පසුගිය දා කටයුතු කළ බව යි.
ජල විදුලි හිඟය හේතුවෙන් වැඩි වශයෙන් ඉන්ධන භාවිත කරමින් විදුලිය නිෂ්පාදනය කිරීමට හේතුවීමත් සමඟ විදුලි ඒකකයක් සඳහා දැරීමට වන පිරිවැය ඉහළ ගොස් තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ඒකකයක් සඳහා රුපියල් 53ක මුදලක් වැය කළද පාරිභෝගිකයාගෙන් අය කරනු ලබන්නේ රුපියල් 16ක් පමණයි.
කෙසේ වෙතත්, මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක කියා සිටියේ විදුලි බිල්පත වසර 08කින් ඉහළ නංවා නොමැති බවයි.
මේ අතර, ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේ දී විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී තිබෙනවා.
කෙසේ වෙතත්, විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර විදුලිබිල සංශෝධනය කෙරෙන කාලවකවානුවක් පිළිබඳව අදහසක් පළ නො කළ බවයි වාර්තා වන්නේ.