භාණ්ඩ තොග රැස්කර තබා ගැනීම ගැන නව ගැසට් නිවේදනයක්
Thursday, 28 April 2022 - 15:58 | Views - 466
භාණ්ඩ තොග රැස් කිරීමට සීමා පනවමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.ඒ අනුව භාණ්ඩ මිලදී ගෙන ගබඩා කරගෙන සිටින්නේ නම් ඊට අදාළව ලිඛිත, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයෙන් නිකුත් කරන ලද ලේඛනයක් සන්තකයේ තබා ගත යුතු වනවා.භාණ්ඩ සැපයුම්කරුගේ නම සහ ලිපිනය, මිලට ගත් දිනය, ගැනුම් මිල, භාණ්ඩ වර්ගය් නම සහ ප්‍රමාණය එම කුවිතාන්සියෙහි හෝ බිල්පතේ ඇතුලත් නොවන්නේ නම් අදාළ භාණ්ඩ විකිණීම හෝ ප්‍රදර්ශනය කිරීම සිදු නොකළ යුතු බවටයි අදාළ ගැසට් නිවේදනය මගින් නියෝග කර ඇත්තේ. මෙම නියෝග ඊයේ (27) දිනයේ සිට බලාත්මක වනු ඇති.
Share This Article