කොටස් මිල දර්ශක ඉහළට
Thursday, 28 April 2022 - 15:36 | Views - 350
කොළඹ කොටස් වෙළඳපොල අද ගණුදෙනු අවසානයේ පෙර දිනට සාපේක්ෂව තවදුරටත් ඉහළ යමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 7611.43ක් ලෙස සටහන් වුණා.
එය ඒකක 330.91ක වැඩි වීමක්.
එස් ඇන්ඩ් පී දර්ශකය ද ඒකක 175.81ක ඉහළ යාමක් පෙන්නුම් කළා.
දිනය තුල කොටස් මිලියන 140.2ක් හුවමාරු වූ අතර, දෛනික පිරිවැටුම බිලියන 2.9ක්.
Share This Article