විරෝධතා පාගමන් හේතුවෙන් මාර්ග රැසක තදබදයක්
Thursday, 28 April 2022 - 14:34 | Views - 1,081
විරෝධතා පාගමන් හේතුවෙන් කොළඹ සෙරමික් මන්සන්ධිය, කොළඹ කොටුව, සොයිසා වටරවුම, ගාලුමුවදොර වටරවුම, මරදාන, පංචිකාවත්ත සහ ජාතික රෝහල අවට මාර්ග කිහිපයක් අවහිර වී තිබෙනවා.
මේ හේතුවෙන් රථ වාහන ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී ඇති අතර මේ නිසා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.
මේ අතර, දීප ව්‍යාප්ත සංකේත වර්ජනයට සහය පළ කරමින් බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, එම නගරයේ පිහිටි රාජ්‍ය බැංකු සහ තැපැල් කාර්යාල මෙන්ම පෞද්ගලික අංශයේ ආයතන රැසක් අද සේවයෙන් ඉවත් වුණා.
අප වාර්තාකරු ප්‍රකාශ කලේ බේරුවල සහ බෙන්තොට අධ්‍යාපන කලාපවලට අයත් පාසල් වල ගුරු විදුහල්පතිවරුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ සිසුන් ද පාසල් වෙත පැමිණ නොසිටි බවයි.
Share This Article