අත්‍යවශ්‍ය සේවා අර්බුදයට - මසක් තුළ විසඳුම්
Thursday, 28 April 2022 - 13:43 | Views - 3,084
විදුලි, ගෑස් ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයට මසක් තුළ විසදුම් ලබාදෙන බව මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ට දැනුම් දී තිබෙනවා.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී අද පෙරවරුවේ පක්ෂ නායක රැස්වීම පැවති අවස්ථාවේදියි.

මෙම පක්ෂ නායක හමුවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මෙන්ම වෙළද හා සමෘද්ධි අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ද කැදවා තිබුණා.

පක්ෂ නායකයන් ද මෙහිදී ආර්ථික අර්බුදයට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව මෙහිදී සිය යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

එමෙන්ම කඩිනමින් දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වී ඇති බව සදහන්.

කෙසේ වෙතත් මෙම පක්ෂ නායක හමුවට ජාතික බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයෙකු සහභාගි වී සිටියේ නැහැ.

මේ අතර, අන්තර්වාර පාලනයක් පිළිබද ජනාධිපතිවරයා හෙට කැදවා ඇති සාකච්ඡාවට සහභාගිවීම සම්බන්ධයෙන් අද අවසන් තීරණයක් ප්‍රකාශයට පත් කරන බව ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම පවසනවා.

ඔවුන් පස්වරුවේ රැස්වී මේ පිළිබදව තීරණය කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ.

නිදහස් පක්ෂයේ ස්ථාවරයට විරුද්ධව යමින් රාජ්‍ය අමාත්‍ය ධුර ලබා ගත් සුරේන් රාඝවන් සහ ශාන්ත බණ්ඩාර එම ධුරවලින් ඉවත් නොකරන්නේ නම් දේශපාලන කටයුතු පිළිබද කිසිදු රජයේ සාකච්ඡාවකට සහභාගි නොවීමට මීට පෙර එම පක්ෂය තීරණය කර තිබුණා.

කෙසේ වෙතත් ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා හෙට කැදවා ඇති සාකච්ඡාවට සහභාගි විය හැකි දැයි සලකා බලන ලෙස පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර, සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී සදහන් කළේ ජනාධිපතිවරයාගේ බලතල ඉවත් කර නිසි ක්‍රමවේදයක් යටතේ ගොඩනගන අන්තර්වාර පාලනයකට මිස වෙනත් කිසිදු පාලන ක්‍රමවේදයකට සහය නොදැක්වීමේ ස්ථාවරය වෙනස් නොකරන බවයි.

කෙසේ වෙතත්, තවදුරටත් ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සමග ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව පක්ෂ මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top