දිවයින පුරා ක්‍රියාත්මක වර්ජනය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ජනශූන්‍ය ස්වභාවයක් දැක ගත හැකි බව හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළා.
මහනුවර ප්‍රධාන බස් නැවතුම්පොළ ආශ්‍රිතව කාර්යාල සේවකයින් සහ පාසල් දරුවන්ගේ අඩුවක් දක්නට ලැබෙන බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු කමල් සුරවීර ප්‍රකාශ කළේ.
වර්ජනයක් ක්‍රියාත්මක වුවද රජයේ කාර්යාල වෙත සේවකයින්ගේ පැමිණීමක් දක්නට ලැබෙන බව වාර්තා වනවා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අද පැවැත්වෙන වර්ජනයට සහය පළ කරන බවයි එහි ලේකම් ප්‍රදීප් ලක්ෂාන්ත කියා සිටියේ.
මේ අතර, ඇතැම් වෙළද කලාපවල සේවකයින් මේ වන විට විරෝධතාවල නිරත වන නමුත් නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාකස් ප්‍රකාශ කළේ, මේ මොහොතේ වෙළද කලාප තුළ වර්ජන දියත් කිරීමෙන් ආර්ථිකයට තවදුරටත් බලපෑම් එල්ල විය හැකි බවයි.