දිවයිනම අද වෙනස් වූ හැටි (Video)
Thursday, 28 April 2022 - 10:35 | Views - 1,095
දිවයින පුරා ක්‍රියාත්මක වර්ජනය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ජනශූන්‍ය ස්වභාවයක් දැක ගත හැකි බව හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

මහනුවර ප්‍රධාන බස් නැවතුම්පොළ ආශ්‍රිතව කාර්යාල සේවකයින් සහ පාසල් දරුවන්ගේ අඩුවක් දක්නට ලැබෙන බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු කමල් සුරවීර ප්‍රකාශ කළේ.

වර්ජනයක් ක්‍රියාත්මක වුවද රජයේ කාර්යාල වෙත සේවකයින්ගේ පැමිණීමක් දක්නට ලැබෙන බව වාර්තා වනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අද පැවැත්වෙන වර්ජනයට සහය පළ කරන බවයි එහි ලේකම් ප්‍රදීප් ලක්ෂාන්ත කියා සිටියේ.

මේ අතර, ඇතැම් වෙළද කලාපවල සේවකයින් මේ වන විට විරෝධතාවල නිරත වන නමුත් නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාකස් ප්‍රකාශ කළේ, මේ මොහොතේ වෙළද කලාප තුළ වර්ජන දියත් කිරීමෙන් ආර්ථිකයට තවදුරටත් බලපෑම් එල්ල විය හැකි බවයි.






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top