වතු කම්කරුවන් ප්රධාන මාර්ගයට පිවිස අරගලයට සහය දක්වයි (Photos)
Thursday, 28 April 2022 - 10:04 | Views - 736
ජීවන වියදම ඉහළ යාම, ඉන්ධන මිල ඉහළ යාම, ගැස් මිල ඉහළ දැමිම, විදුලි කප්පාදුවට එරෙහි ව රාජ්ය සහ පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති ගණනාවක් එක්ව රටපුරා දියත් කර ඇති වැඩ වර්ජනයට සහයෝගය දක්වා වතු කම්කරුවන් ද ප්රධාන මාර්ගවලට පිවිස අද (28) දින උද්ඝෝෂණයේ නිරත වනවා.හැටන් දික්ඔය ප්රදේශයේ වතු කම්කරුවන් හැටන් බගවන්තලාව ප්රධාන මාර්ගයට පිවිස උද්ඝෝෂණයේ නියැලී සිටි අතර, රට කරවිය හැකි පිරිසකට රටේ පාලන බලය ලබා දී වත්මන් රජයට පාලන බලයෙන් ඉවත් වන ලෙසට යි උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවන් පවසන්නේ.
Share This Article