රංගන ශිල්පිනී අනුෂා සොනාලි අභාවප්‍රාප්ත වෙයි
Thursday, 28 April 2022 - 9:47 | Views - 1,116
රංගන ශිල්පිනී අනූෂා සොනාලි අභාවප්‍රාප්ත වී තිබෙනවා.
47 වන වියේ පසුවූ ඇය ඊයේ රාත්‍රියේ ශ්වසන අපහසුතාවක් හේතුවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබුණා.
විසිදැල සිනමාපටය තුළින් ජනතා ආදරය දිනාගත් ඇය ලොකු දුව සහ හඬන කිංකිණි වැනි චිත්‍රපටවල මෙන්ම චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස්ගේ ගැහැණු ළමයි ටෙලි නාට්‍යයේ ද විශිෂ්ට රංගනයක නිරත වුණා.
1995 වසරේ දී හොඳම නැගී එන නිළියට හිමි සම්මානයට ද අනූෂා සොනාලි හිමි කර ගත්තා.
කළුබෝවිල රෝහලේ දී ඇය මෙසේ අභාවප්‍රාප්ත වූ බව යි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මිය යන විට 47 වැනි වියේ පසු වූ ඇය අසනීප තත්ත්වයක් මත කලක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බව සඳහන්.
Share This Article