දීප ව්‍යාප්ත වර්ජනයේ - නවතම තතු (Video)
Thursday, 28 April 2022 - 8:54 | Views - 878
දීප ව්‍යාප්ත වර්ජනයක් ක්‍රියාත්මක වුවත් කටුනායක ගුවන් තොටුපළේ සහ කොළඹ වරායේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව වාර්තා වනවා.
කෙසේ වෙතත් වරාය වෘත්තීය සමිති සදහන් කළේ, අද දිනයේ සීමිත සේවක සංඛ්‍යාවක් රාජකාරී කටයුතු සදහා පැමිණ ඇති බවයි.
මේ වන විටත් කොළඹ වරායට භාණ්ඩ නෞකා 5ක් පමණ පැමිණ ඇති බවත් ඒවායේ බහාලුම් ගොඩබෑමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවත් ඔවුන් සදහන් කළා.
මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සහ පෞද්ගලික බස් රථ අද දිනයේ සාමාන්‍ය පරිදි ධාවනය වන බව හිරු වාර්තාකරුවන් සදහන් කළා. මේ වන විට කොළඹ නගරයේ ද බස් ධාවනය සිදුවන අතර මගීන්ගේ අඩුවක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.
Share This Article